කැනඩාවේ ක්වෙබෙක් පළාතේ හදිසියේ ඇතිවූ අධික උණුසුම් තත්ත්වයක් හේතුවෙන් 33දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 35ට ඉහල ගිය අතර ඇතිවූ දැඩි ආර්ද්‍රතාවයත් හේතුවෙන් අධික ලෙස දහඩිය දමන්නට වූ බව පැවසේ.මියගිය අය අවුරුදු 50ත් 80ත් අතර වයසේ පසුවෙති.
වැඩිපුර ජලය පානය කරන ලෙසත් හිරු එළියට නිරාවරණය නොවන ලෙසත් ජනතාවට උපදෙස් නිකුත් කර ඇත. වායුසමීකරණ ස්ථාන සහ පොකුණු ජනතාවට විවෘත කර ඇති බව ද පැවසේ.
දශක ගනනාවක් තිස්සේ වරින් වර මෙවැනි අධික උණුසුම් තත්ත්වයන් ක්වෙබෙක් පළාතේ ඇතිවන බව බලධාරීහු පවසති.
(බීබීසි ඇසුරිණි - 085)