ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කරතියි නොසතුට පළ කරමින් කැනඩා අගමැති ස්ටීවන් හාපර් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව වර්ජනය කරන බව කියතත් චීනය පුරා සංචාරය කිරීමට කැනඩා රජයට එවැනි ප්‍රශ්න මතු වී නැතැයි නැෂනල් පෝස්ට් පත්‍රය කියයි.
ශ්‍රී ලංකාවේ මානවහිමිකම් ප්‍රශ්නවලට වඩා බරපතල ප්‍රශ්න පවතින චීනයේ නගර පහක සංචාරය සදහා කැනඩා ආණ්ඩුකාර ඩේවිඩ් ජොන්ස්ටන් හා ඔහුගේ බිරිය සතියක සංචාරයකට යති.
විදේශ ඇමැති ජෝන් බෙයාඩ් හා ස්වාභාවික සම්පත් ඇමැති ජෝ ඔලිවර්ද මේ ගමනට එක් වෙති.
චීන ජනපති හා අගමැති හමුවීමට ඔවුහු යති.
චීනයේ මානව හිමිකම් වාර්තාව හොද නැතැයි කියමින් බලයට පත් වු මුල් තාලයේදී හාපර් චීනයට ගියේ නැත.
හාපර්ගේ චීන කැනඩා මතය වෙනස්වීම ගැන චීනය සතුටුවනු ඇතැයිද එමෙන්ම ලංකා ගමන වර්ජනයට ඔහු ගත් තීරණයද කැනඩාවේ සිටින දෙමළ ප්‍රජාව අගය කරනු ඇතැයිද එම පුවත්පත කියයි.
ශ්‍රී ලංකාව හැරුණු විට විශාලතම දෙමළ ප්‍රජාව සිටිනුයේ කැනඩාවේ ය. කැනඩා ආණ්ඩුකාරවරයාගේ චීන ගමනේ අරමුණ ව්‍යාපාරික අරමුණු ඉටුකිරීම වුවත් ලංකා ගමන වර්ජනය කිරීම ගැන දක්වන දෙබඩි පිළිවෙත කනගාටුවට කාරණයකිද එම පුවත්පත සඳහන් කරයි.

