කැනඩා යන්න සිහින දුටු තරුණයාගේ සිරුර වැවක


(සිතුම් චතුරංග)

කැනඩාවට පිටත්ව යාමට සුදානමින් සිටි තරුණයෙකුගේ සිරුරක් මල්ලාවි වවුනිකුලම වැව් තිබි සොයාගත් බව මල්ලාවි පොලිසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ මුලතිව්,මල්ලාවි,යෝගපුරම් ප්‍රදේශයේ පදිංචි ආනන්දරාසා සජීවන් නමැති 27 හැවිරිදි තරුණයෙකු  බව පොලීසිය කියයි.

ඔහු අගෝස්තු 01 වැනිදා කැනඩිවට යාම සඳහා සුදානම්න් සිට ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් ඇමරිකානු ඩොලර් සඳහා හුවමාරු කිරීමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී තරුණයා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පැමිණිලි ලැබී ඇතැයිද පොලිසිය පැවසීය.

තරුණයා ඊයේ ( 30 )  නිවසින් පිටත්ව ගොස් ඇති අතර, අනතුරුව තරුණයාගේ දුරකථනයෙන් පිළිතුරු නොලැබි ඇති බවත්, සිදුවීම සම්බන්ධයෙන් ලද පැමිණිළි මත පරීක්ෂා කර බැලීමේදී ඔහුගේ යතුරුපැදිය වවුනිකුලම වැව අසළ තිබි සොයාගත් බවද පොලිසිය පැවසීය.

අනතුරුව තරුණයා සොයා ප්‍රදේශවාසීන් හා පොලිසිය එම ප්‍රදේශය පරීක්ෂා කිරීමේදී වවුනිකුලම වැවේ තිබි තරුණයාගේ මළ සිරුර හමුවු බවද පොලිසිය සඳහන් කළේය. තරුණයා සතුව තිබූ මුදල් කොල්ලකෑම සඳහා කිසිවකු විසින් ඔහු ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක පළ කරති.