කැනඩා ගිය ලාංකිකයෝ අමාරුවේ


කැනඩාවේ ආගමන නීති වෙනස් කිරීමට එරට රජය පියවර ගැනීමත් සමග එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් 1,40,000 ක් පමණ එරට පුරවැසි භාවය අහිමිවීමේ අවදානමට පත්ව ඇතැයි වාර්තාවේ.

දෙමළ සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මේ සම්බන්ධයෙන් පැවසූවේ විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් නොසලකමින් මෙම නීති සකස් කර ඇති බවත් ඔවුන්ගේ කැනඩා පුරවැසි භාවය අහිමිවීමේ අවදානමක් පැන නැගී ඇති බවත්ය.

විශේෂයෙන්ම කැනඩාවේ පුරවැසි භාවය බලාපොරොත්තුවෙන් සිටින ලාංකික දෙමළ ජනතාවට  මෙය විශාල ගැටළුවක් වන බවයි.