(අනීෂා මානගේ)
කැඩී බිඳී ගිය බුද්ධ ප්‍රතිමා ආදාහනය කිරීමේ වැඩසටහනක් බෙලිඅත්ත හත්බෝධිය ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස වල හා විහාරස්ථානවල තිබූ කැඩී බිඳී ගිය බුද්ධ ප්‍රතිමා එකතුකර බෙලිඅත්ත හත්බෝධිය ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත්කර සෑයක් ඉදිකර සුදුහදුන් දර භාවිතා කර භික්ෂූන් නමක ආදාහනය සිදුකරන ආකාරයෙන්ම මෙම ප්‍රතිමා ආදහනය කිරිමට සියලු කටයුතු සංවිධානය කර තිබිණි.
හත්බෝධිය ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමියන් වන නලගම ධම්මවංශ ස්වාමීන්වහන්සේ විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබු අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරස්ථාන වල පුවරුවක් ප්‍රදර්ශනය කිරීම මගින් ජනතාව දැනුවත් කර ප්‍රදේශයේ නිවාස වල හා විහාරස්ථාන වල තිබූ කැඩුණු බුද්ධ ප්‍රතිමා එකතුකිරීම සිදුකර ඇත.
මෙවැනි ආදාහන පූජෝත්සවයක් ලංකාවේ සිදුකළ පළමු අවස්ථාව මෙය බව හත්බෝධිය ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ධම්මවංශ හිමියෝ පැවසූහ.
දම්මුල්ල ශ්‍රී සුදර්මාරාම විහාරාධිපති දම්මුල්ලේ පියරතන හිමියන්, අරන්වෙල පුරාණ විහාරයේ විහාරාධිපති අරන්වෙල ඉන්ද්‍රසාර හිමියන්, බෙලිඅත්ත අභිනවාරාමයේ විහාරාධිපති බෝලානේ ආනන්ද හිමියන්, බෙලිඅත්ත පඤ්ඤාසාර පිරිවෙනෙහි විහාරාධිපති මොරයායේ කශ්‍යප හිමියන් හා ප්‍රදේශයේ විහාරස්ථාන වල විහාරාධිපතිහිමිවරු විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වුහ. ශ්‍රී විජය තරුණ එකමුතුව මගින් මෙම වැඩසටහන සදහා දායකත්වය සැපයීය.