කඹුරුපිටිය වලස්මුල්ල නයිගල කන්දේදී පොලිස් විශේෂ කාර්ය බලාකායේ වෙඩි පහරින් මිය ගිය කැටයම් චින්තකගේ මාස්මුල්ලේ පිහිටි නිවසට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි කඹුරුපිටිය පොලිසිය කියයි.
ගින්නෙන් නිවසේ වහළට ද, කාමර දෙකකට ද, බඩු භාණ්ඩවලට ද දැඩි අලාභ හානි සිදුවී තිබේ.
කැටයම් චින්තකගේ පශ්චාත් මරණ පරීක්ෂණයට ඔහුගේ මව මාතර රෝහලට පැමිණි අවස්ථාවේ නිවසට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.