කැටපත් පවුරේ ගී හතරක් ඉවරයි


සීගිරි කැටපත් පවුරේ තමාගේ නම සහ තවත් අකුරු 10 ක් 12 ක් පමණ  ලියූ බව කියන ඇඟළුම් සේවිකාවක අත් අඩංගුවට ගත් පොලීසිය ඇය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මඩකලපුව ච්ට්ටන්ඩි ප්‍රදේශයේ සිට පැමිණ ඇති ඇය  සීගිරි කැටපත්පවුර පළමු වරට දැක බෙහෙවින් සතුටට පත් වී තම නම එහි ලියූ බව පොලිසියට පවසා ඇත.

ඇය එසේ කර  ඇත්තේ සීගිරි ආරක්ෂකයින් හතර දෙනෙකු සිටියදීය.

ඇය 50 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් සමග සීගිරිය නැරඹීමට පැමිණ ඇත.

කැටපත් පවුරේ පැරණි ගී හතරක් මේ නිසා විනාශ වී ඇතැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.

04EBA778000005DC-2951388-image-a-34_1423778789747 DSC09048---Copy DSC09051---Copy DSC09067 DSC09075