තාක්ෂණ විෂය ධාරාවෙන් 2016 දී උසස් පෙළට පෙනී සිටීමට සූදානමින් සිටි 90ක් පමණ සිසුන් කැකිරාව මැදි මහ විදුහලෙන් ඉවත් කිරීමට යතියි මව්පියෝ කියති.
මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ඉදි කිරීමේ ගිවිසුම පාසලෙන් ප්‍රතික්ෂේප කළ නිසා මෙම සිසුනට පාසල් නැති වීයැයි මව්පියෝ පවසති.
එහෙත් ලබන වසරේ දී තාක්ෂණ විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටි සිසුහු පිරිසක් පාසලේ සිටිති. තම දරුවන් අතර මං කිරීම ගැන මව්පියෝ දැඩි ලෙස කම්පා වී සිටිති.
මේ ගැන විමසීමට විදුහල්පති හා අධ්‍යාපන නිලධරයන් හමුවීමට ගත් උත්සාහය අසාර්ථක විය.






