අනුරාධපුර දිස්ත්‍රක්කයේ කැකිරාව නගරයේ පදිංචි ආර්.එස්. සමරනායක මහතා සිය ගෙවත්තේ අක්කරයක සාර්ථක අන්නාසි අස්වැන්නක් ලබයි. ගම්පහ දිස්ත්‍රික්කයට සිමා වී ඇති අන්නාසි වගාව ඔහු අත්හදා බැලීම සඳහා වගා කර ඇත. මේ දිනවල සිය අස්වැන්න කිලෝවක් රු 80 බැගින් අලෙවි වන බව කියයි. රජයේ සේවයෙන් විශ්‍රාම ගත් සමරනායක මහතා සිය ගෙවත්තේ පොල් වගාවේ යටි වගාවක් ලෙස අන්නාසි වගා කර ඇත. ඕනෑම කෙනකුට තම අත්දැකීම් කියා දීමටත් අන්නාසි වගාවට අවැසි පැල ලබාදීමටත් හැකි බව කියයි .

![DSC05516[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC055161.jpg)
![DSC05538[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC055381.jpg)
![DSC05540[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC055401.jpg)
![DSC05551[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC055511.jpg)
![DSC05562[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC055621.jpg)
