කාෙලොම්බියා මගී බෝට්ටුවක් ගිලී 7 ක් මරුට


කොළොම්බියාවේ ඊසාන දිග ප්‍රදේශයේ ග්වාටබේ නගරයේ ගංගාවක මගී බෝට්ටුවක් ගිලීයාමෙන් හය දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. අනතුරට පත් වූ 133 දෙනකු බේරා ගත් බවත් අතුරුදන් වූ 16 දෙනකු සොයා මෙහෙයුම් දියත් කර ඇති බවත් බලධාරීහු පවසති. 

බෝට්ටුවේ 170ක පමණ පිරිසක් ගමන් කර ඇත. විනාඩි පහක පමණ කාලයකදී බෝට්ටුව ගිලී ගොස් ඇති බවත් සමහර මගීන් ජීවිතාරක්ෂක කබා පවා පැළඳ නොසිටි බවත් වාර්තා වේ.

(බී බී සී පුවත් ඇසුරිණි - 085)