නව රජයේ දින සියයේ තවත් පොරොන්දුවක් ඉටු කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති සඳුදා (30) කොළඹ කොටුවේ දුම්රියපළේදී වයිෆයි අන්තර්ජාල පහසුකම් සැපයීමේ කලාපයක් විවෘත කරයි.
විවිධ අවශ්‍යතා වෙනුවෙන් අන්තර්ජාලයට සම්බන්ධවීමටත් රජයේ ප්‍රතිපත්ති සාධනයට හා යහපාලනයට හවුල්වීමටත් මේ වයිෆයි පහසුකම් සලසන බව නියෝජ්‍ය විදේශ හා විදුලි සංදේශ ඇමැති අජිත් පී.පෙරේරා මහතා කියයි.
සඳුදා එය විවෘත කිරීමත් සමග යාපනය, පොළොන්නරුව හා මාතර වයිෆයි කලාපද එකවිට ක්‍රියාත්මකවේ.

