කාසල්රී ජලාශයට යාබද තේ වත්තක කොටසක් වතු කම්කරුවෝ බලෙන් අල්ලාගනිති


(රංජිත් රාජපක්‍ෂ)        


හැටන් කාසල්රි ජලාශයට යාබදව තේ වතුයායක විශාල ඉඩමක් වතුකම්කරුවන් පිරිසක් අද  (02)  උදෑසන  සිට අනවසරෙන් අත්පත් කරගනිමින් සිටින බව පැමිණිල්ලක් ලැබී ඇතැයි  හැටන්  පොලීසිය පවසයි.

බගවන්තලාව වැවිලි සමාගමට අයත් වනරාජා වතුයායට අයත් හැටන් නෝටන්බි‍්‍රජ් ප‍්‍රධාන මාර්ගයේ කාසල්රි ජලාශයට යාබදව පිහිටි ඉඩමක් මෙසේ අත්පත් කර ගෙන ඇතැයි එම වතු  යායේ සහකාර වතු අධිකාරීවරුන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත. 

අක්කර පහක පමණ විශාල වන වගා සහිත ඉඩමක් පිටතින් පැමිණී පිරිසක් ව්‍යාජ ලියකියවිලි සකස් කර ගනිමින් අත්පත් කර ගැනිමට කටයුතු කර ඇති නිසා තම වතුයායට අයත් ඉඩමි තමන් විසින් බෙදා ගැනිමට කටයුතු කරන බව ඉඩම් අත්පත් කර ගැනීමට පැමිණ සිටින කම්කරුවෝ පවසති.

කාසල්රි ජලාශය අවට හා කාසල්රි ජලාශ රක්‍ෂිතයේ මේ වන විට සංචාරක නිකේතන ගණනාවක් ඉදිකර ඇති අතර තවත් සංචාරක නිකේතන ගණනාවක් ඉදිකරමින් පවතියි. 

කාසල්රි ජලාශය අවට සංචාරක කර්මාන්තය සාර්ථ සිදුකරගෙන යන නිසා එම ජලාශය අවට ඉඩමි වලට ඉහළ ඉල්ලුමක් පවතින නිසා එම ඉඩම් ව්‍යාජ ලියකියවිලි සකස් කර කිසියමි පිරිසක් මේ වන විට අත්පත් කර ගැනිමටද කටයුතු කර ඇතැයි ද ඇතැම්හු පවසති.