කාසල් රෝහලේ ප්‍රතිකාර ඩිජිටල් තාක්ෂණයෙන්


(බිඟුන් මේනක ගමගේ )

කාසල් කාන්තා රෝහලේ සෞඛ්‍ය වාර්තා සහ රෝගී ප්‍රතිකාර සේවා රැසක් ඩිජිටල් තාක්ෂණය යටතේ ලබාදීමට කටයුතු යොදා ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල් සෞඛ්‍ය ව්‍යපෘතිය යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැගේ.

 ඒ අනුව රෝහලට ඇතුළත් වන රෝගීන්ට බාකෝඞ් පතක් ලැබෙන අතර රෝගියාගේ රෝග ඉතිහාසය ඇතුළත් දත්ත ගබඩාවක් රෝහල මගින් පවත්වාගෙන යෑම සිදුවේ.  

තවද සාමාන්‍ය පරිදි මෙතෙක් කළක් සිදු කෙරුණු රෝගීන්ගේ එක්ස් රේ ගැනීමේ කටයුතු නව තාක්ෂණය යටතේ මිනිත්තු කිහිපයකින් ඉහළ ගුණාත්මකභාවයකින් සිදුකිරීමට හැකි බව එහි වෛද්‍ය ප්‍රවීන් ද සිල්වා මහතා පවසයි.

රෝගීන්ට බෙහෙත් නිකුත් කිරීම සහ රෝහලේ ඖෂධ තොග කළමණාකරණය කිරීමද මෙම වැඩසටහන යටතේ සිදුකෙරේ.