කාශ්මීර් හිමකන්දක් කඩා වැටී
කාශ්මීරයේ සියෑචෙන් ග්ලැසියරය කඩා වැටීමෙන් පකිස්ථානු සෙබළුන් සිය දෙනකු ආගිය අතක් නැතැයි පකිස්ථාන ආරංචි කියයි. ඔවුන් සෙවීමට හෙලිකොප්ටර් සහ බුල්ඩෝසර් යොදවා ඇත. මෙම කදවුර පිහිටියේ මුහුදු මට්ටමේ සිට අඩි 18000 ක් ඉහළිනි. ලොව උසින්ම පිහිටි හමුදා කදවුර මේ බව වාර්තාවේ.

