කාලය අවසන් රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ


(රංජන් කස්තුරි)

කාලය අවසන්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය මැයි මස 30 වැනිදින දක්වා දීර්ඝ කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මේ මාසයේ 16 වැනිදා සිට අප්‍රේල් මස 15 වැනි දින දක්වා කාලය තුළ වලංගු කාලය නිමවන සෑම රියදුරු බලපත්‍රයක්ම මැයි මස 30 වැනිදින දක්වා වලංගුවන බවද අමරවීර මහතා කීවේය.