කාලගුණෙන් අනතුරු ඇගවීමක්


(ඩයනා උදයංගනී)

දිවයිනේ පළාත් කිහිපයක අද (1) රාත්‍රියේදී ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව එම දෙපාර්ත‍මේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.