කාර්යාල සහායිකාවගේ ගමන් බෑගය සොරකම් කළ ගණකාධිකාරීවරයා මාට්ටු


(ටී.කේ.ජී.කපිල )

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගත් කාර්යාල කාර්යය සහායිකාවකගේ අත් බෑගය සොරා ගත් ගණකාධිකාරීවරයෙකු , කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ .

සිරි ශ්‍යාමලී වීරසිංහ  එංගලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි  දැනට එංගලන්තයේ පදිංචි , ශ්‍රී ලංකාවේ  පන්නිපිටිය ප්‍රදේශයේ ද පදිංචි   55 හැවිරිදි , එරට  කාර්යාල කාර්යය සහායකවරියක ලෙස සේවය කරන්නියකි .

ඇය ඊයේ(26) එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

 ඇයගේ අත් බෑගය තුළ  රුපියල් දහ හතර ලක්ෂ විසි තුන් දහස් පන්සීයයක් වටිනා ස්ටර්ලින් පවුම් 2,700 ක් , අලුත්  අයි වර්ගයේ ජංගම දුරකථන 02 ක් සහ සැම්සුන් වර්ගයේ ජංගම දුරකථන 02 ක් තිබී ඇත .

 මෙම ගුවන් යානය ගුවන් ගත වී මද වේලාවකින් පසුව , මෙම අත් බෑගය නැති වී ඇති අතර , ඒ පිළිබඳව ශ්‍රී ලන්කන් ගුවන් යානා කාර්යය මණ්ඩලය වෙත , මෙම කාන්තාව පැමිණිළි කිරීමට පියවර ගෙන තිබේ .