
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කුරුණෑගල සිට කල්පිටිය දක්වා ගමන් කරන කාර්යාල බස් රථයට කල්අඩිය පාලවිය මාර්ගයේදි එල්ල වු බෝතල් ප්‍රහාරයකින් රියදුරුගේ මුහුණට හා ඇසකට තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.
රියදුරා දැඩි පරිශ්‍රයක් දරා බස් රථය නවතා ගැනිම නිසා එහි ගමන් කල 50 කට ආසන්න ගුරුවරුන් ඇතුළු පිරිසකගේ ජීවිත අනතුරකින් තොරව බේරා ගැනිමට හැකිව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
කල්අඩිය මාර්ගයේදී මාර්ගය අසල සිටි තරුණයන් දෙදෙනෙකු වැලි පිරවු බෝතලයකින් මෙලෙස බස් රථයේ ඉදිරිපස විදුරුවට ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එහිදි විදුරුව සිදුරු කරගෙන ගොස් බෝතල් ප්‍රහාරය රියදුරාගේ මුහුණේ වැදි ඇති බව පොලිසිය සඳහන් කරයි.

