පාස්කු ප්‍රහාරය ගැන හොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට සාක්කි ලබා ගැනීම සඳහා අද කැඳවා තිබූ කර්මාන්ත හා වාණිජ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට වෙනත් දිනයක් ලබා දීමට එම කාරක සභාව තීන්දු කළේය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් සාක්කි ලබා ගැනීමෙන් පසු පස්වරු 4.55ට හිටපු ඇමැතිවරයා කාරක සභාව හමුවට කැඳවනු ලැබීය.
‘අපිට ඔබෙන් ප්‍රශ්න අහන්න වැඩිපුර වෙලාව අවශ්‍යයි. තවත් වැදගත් රැස්වීමක් තිබෙනවා. කාරක සභාවේ සාමාජිකයන් තිදෙනකු නැහැ. ඒ නිසා 28 වෙනිදා ඔබව යළි කැඳවනවා ‘ යැයි කාරක සභාව හිටපු ඇමැතිවරයාට දැනුම් දුන්නේය.
ඒ අනුව සාක්කි ලබා ගැනීම සඳහා 28 වැනි දා සිකුරාදා සවස දෙකට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස රිෂාඩ් බදියුදීන් මහතාට දැනුම් දුන්නේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



