කාරක සභාපති කතානායක උපදෙස් පතයි


අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විමසන පාර්ලිමේන්තු  තේරීම් කාරක සභාව කටයුතු කළ යුතු ආකාරය කවරේදැයි මාර්ගෝපදේශ මාලාවක් පනවන්නැයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභා කමිටු සභාපති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා කතානායක වරයාගෙන් උපදෙස් පැතීය. කාරක සභාවේ කටුයුතු ගැන මාධ්‍යය නොයෙකුත් දේ පළකරන බව ඔහු කීවේය. විපක්ෂ මන්තී‍්‍රවරුන් කීප දෙනකුම කීවේ කාරක සභාවේ සිදුවන දේ මුල සිට අග දක්වා අන්තර් ජාලයේ පළවන බවයි. මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ප‍්‍රකාශ කළේ  කාරක සභා කටයුතු මාධ්‍යයට හෙළි කිරීමේ ඉඩකඩ නැති බවයි. පක්ෂ නායක හමුවකදී අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙසද ඔහු උපදෙස් දුන්නේය.