නිශ්චිත කාල සටහනකට අනුව මේ වසරේ පටන් ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය කටයුතු කරන බව එහි නව සභාපති කපිල කුමාර මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. ඒ අනුව මේ වසරේ තරග කාල සටහන එළිදැක්වීමට සම්මේලනය මේ වන විටත් සමත්ව තිබෙන බවත් ඔහු පැවසීය.
කායවර්ධන සම්මේලනයේ නව නිලධාරි මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිිළිබඳව දැනුම්වත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී කපිල කුමාර මහතා මේ බව පැවසීය.
මේ වසරේදී ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන් ආසියානු ශූරතාවලියට හා ලෝක ශූරතාවලියට සහභාගි කරවන බවත් මෙතැන් සිට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සියලූ ශක්තිය වසර 2014 කොළඹදී පැවැත්වෙන ආසියානු කායවර්ධන ශූරතාවලිය වෙනුවෙන් යොදවන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලයේ 2012 වසරට නියමිත තරඟ හා ව්‍යාපෘති කාල සටහන
අපේ‍්‍රල් 28 : ටොප් ටුවෙන්ටි බී තරගාවලිය මාතර උයන්වත්ත පිටියේදී.
මැයි 11 සිට 14 දක්වා : නැගෙනහිර පළාත් පුහුණු වැඩමුළුව මඩකළපුවේදී
මැයි 19 : ආධුනික අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය දෙහිවලදී.
මැයි 31 සිට ජූනි 4 දක්වා: 46 වැනි ආසියානු කායවර්ධන ශූරතාවලිය : උස්බෙකිස්ථානයේදී
ජූනි 17 සිට 19 වැනිදා දක්වා : විනිසුරුවන් දැනුම්වත් කිරීමේ පුහුණු පාඨමාලාව
ජූලි : ශූරයන්ගේ රාත‍්‍රි- (නයිට් චැම්පියන්) ශූරතාවලිය
අගෝස්තු 13 : බස්නාහිර පළාත් තරගාවලිය කොළඹදී
අගෝස්තු 21-22 : හීමෑන් තරගාවලිය ගාල්ලේදී
සැප්තැම්බර් : ලෝක කායවර්ධන ශූරතාවලිය
නොවැම්බර් : 64 වැනි ජාතික (මිස්ටර් ශ්‍රී ලංකා) අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය
දෙසැම්බර් 17 සිට 21 දක්වා : පුහුණුකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුව බණ්ඩාරවෙල බිඳුණුවැව ක‍්‍රීඩා විද්‍යා පීඨයේදී.