කාබුල්හිදීය (රොයිටර්)
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට සෙනසුරාදා (28) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 95 දක්වා ඉහළ ගොස් තිබේ.
පොලිස් මුරපොළක් ඉලක්ක කරගනිමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර තුවලා ලැබූ පිරිස් 160ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රහාරය එල්ල වූ පොලිස් මුරපොළ තිබෙන ප්‍රදේශය කාබුල් නුවර ජනාකීර්ණ කොටසකි.
ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය බාරගෙන තිබෙන අතර පසුගිය සතියේදී ද තලේබාන් සංවිධානය කාබුල් අගනුවරට ප්‍රහාරයක් එල්ල කර ඇත.
කාබුල් නුවර පිහිටි ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයට එල්ල කළ එම ප්‍රහාරයෙන් විදේශිකයන් ද ඇතුළුව 20කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානයට සම්බන්ධ හකානි ජාලය බාරගත යුතු යැයි ඇෆ්ගනිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් චෝදනා කළේය. කාබුල් නුවර ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාරවල පිටුපස සිටින්නේ තලේබාන් සංවිධානයට සම්බන්ධ මෙම ජාලය යැයි ද පැවසේ.



