විනීතා එම් ගමගේ
වසවිසෙන් තොර කාබනික වී වගාවේ නිරත ගොවීන්ට ඉදිරි මාස් කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී නොමිලේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා සෙමා ආයතනය එක්ව මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරනු ඇත.
කාබනික වගාවේ යෙදෙන ගොවීන් සංඛ්‍යාව මේ වනවිට 5000 ක් ඉක්මවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශ්‍ය කියයි.
ඉදිරි යල කන්නයේ දී කාබනික වගාවට ගොවීන් විසිදහසක් වත් එක්කර ගැනීමට මෙම වැඩපිළිවෙළ ඔස්සේ බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඉකුත් වසර තුළ කාබනික වගාවෙන් ලබාගත් සහල් කිලෝ ග්‍රෑම් හැට ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව නොමිලේ බීජ වී හා අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර සහන මිලට ලබා දීමටත් කටයුතු කරන බව ද එම නිලධාරියා කීය.
නොමිලේ බීජ ලබාදීමේ ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහ බැංකු ශ‍්‍රවනාගාරයේ දී අද (1) ආරම්භ වූ අතර අතුරලියේ රතන හිමියන් ද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එම් වීරසේකර මහතා ඇතළු නිලධාරිහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.