කාන්තාවෝ 6 ක් උඩ යන්නයි හදන්නේ


බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ, රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් කාන්තාවෝ හය දෙනෙක්, අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානමින් සිටිති.

කාන්තාවෝ හය දෙනකු පමණක් මේ අයුරින් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගම, අතමිටසරු ඕනෑම අයකු ගගන සංචාරකයන් ලෙස පෘථිවි කක්ෂයට ගෙන ගොස්, අභ්‍යනකාශයේ අත්දැකීම විඳ ගැනීමට සලස්වා ආපසු පෘථිවියට රැගෙන ඒම සිදු කරයි. ඒ වසර කීපයක් තිස්සේය.

බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ හිමිකරු ඇමෙරිකන් ව්‍යාපාරික ජෙෆ් බෙසෝස්ය. අබ්‍යවකාශයට යෑමට සූදානමින් සිටින කාන්තාවන් 6 දෙනාගෙන් කෙනකු වන්නේ ලොරේන් සැන්චේස්ය. මැය ඇමෙරිකාවේ පිළිගත් මාධ්‍යවේදිනියක වන අතර, ජෙෆ් බේසෝස්ගේ පෙම්වතිය ද වෙයි.

ඊට අමතරව, ඇමෙරිකන් පොප් ගායිකා කැතී පෙරී සහ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක වන ගයිල් කිං ද අභ්‍යවකාශ සංචාරයට එක් වන්නීය. අනෙක් තිදෙනා අමන්ඩා ගයිපෙන්, අයීෂා බෝවි සහ කෙරිඈන් ෆ්ලින්ය.

(සී.එන්.එන්.)