කාන්තාවන්ට අන්තරාදායකම රට ඉන්දියාවලු


ලෝකයේ රටවල් අතරින් කාන්තාවන්ට වඩාත් අන්තරදායක රට ඉන්දියාව බව සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි පැවසේ. 
 
තොම්සන් රොයිටර්ස් පදනම නම් සංවිධානයක් මගින් සිදුකරන ලද සමීක්ෂණ වාර්තාවක මේ බව දක්වා ඇති අතර ඇෆ්ගනිස්ථානය, සිරියාව සහ සෞදි අරාබියාව ඉන්දියාවට පහලින් තිබෙන බව මෙම වාර්තාවේ සඳහන් වේ.
 
සමීක්ෂණය සඳහා විද්වතුන් 548 දෙනකු සහභාගිවී ඇති අතර සෞඛ්‍ය ආරක්ෂණය, සංස්කෘතික චාරිත්‍ර, ලිංගික සහ ලිංගික නොවන අඩත්තේට්ටම්, මිනිස් ජාවාරම් සහ විවේක බුද්ධිය යන දර්ශක හයක් ඔස්සේ දත්ත ලබාගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 193ක් සම්බන්ධව ප්‍රශ්නකිරීම් සිදුකර ඇත. සංස්කෘතික චාරිත්‍ර, ලිංගික අඩත්තේට්ටම් හා මිනිස් ජාවාරම් යන අංශ වල ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව බව සමීක්ෂණය සඳහන් කරයි.
 
මීට වසර හතකට පෙර සිදුකරන ලද මෙවැනිම සමීක්ෂණයකින් ඇෆ්ගනිස්තානයට ප්‍රථම ස්ථානයේ ද ඉන්දියාව හතරවන ස්ථානයේ ද ශ්‍රේණිගතකර තිබිණි.
 
කෙසේ වුවද ඉන්දියාවේ කාන්තාවන් සඳහා වන ජාතික කොමිෂන් සභාව මෙම වාර්තාව මුළුවමනින්ම ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ කාන්තාවන්ට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නොමැති රටවල් ද ලෝකයේ තිබෙන බවයි. ඉන්දියාවේ කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ මෙය තම රට අපකීර්තියට පත්කර පහත හෙළීමේ අරමුණින් සකස් කළ වාර්තාවක් බවයි. 
 
කෙසේ වුවද සමීක්ෂණය සිදුකළ සංවිධානයේ ප්‍රධානියා පවසා ඇත්තේ මත විමසුමට සහභාගී වූ විද්වතුන්ගේ 41දෙනකුම ඉන්දියානුවන් බවයි.
 
(බිබීසි ඇසුරිණි - 085)