කාන්තාවන්ගෙන් පළමු තැන තලතා


මෙවර මහ මැතිවරණයට තරග කළ කාන්තා අපේක්ෂිකාවන් අතරින් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගැනීමට සමත්ව ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කළ තලතා අතුකෝරළ මහත්මියයි. ඇය මනාප ඡන්ද 1,45828 ක් ලබාගත්තාය.

රත්නපුර දිස්ත්‍රික්කයේ එජාප මනාප ලැයිස්තුවේ ප්‍රථමයාද ඇයයි.

මෙවර කාන්තා අපේක්ෂිකාවන් 556 දෙනකු මැතිවරණයට ඉදිරිපත්වූ අතර එයින් 12 දෙනකුට පාර්ලිමේන්තු වරම් හිමිවිය.

ශ්‍රී ලංකාවේ ලක්ෂයකට වැඩි මනාප ලැබූ 48 දෙනා අතරටද අතුකෝරළ මහත්මිය ඇතුළත්වී ඇත. ඉතිහාසයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් කාන්තාවක් ලබාගත් වැඩිම මනාප ඡන්ද ලබාගැනීමේ වාර්තාවද තලතා අතුකෝරළ මහත්මිය සතුවිය.