
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් ලක්ෂ 600 ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටි කාන්තාවක් අද (11) අලුයම එහි 5 වැනි මහලෙන් බිමට පැනීමෙන් මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි .
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි අප්සරා මැණිකේ රාජපක්ෂ (46) හැවිරිදි කාන්තාවකි .
ඇය අද අලුයම තුනට පමණ වැසිකිළියට ගොස් එහි ජනේලයෙන් පැන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි .
කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන සියදිවි හානි කරගත් ප්‍රථම. අවස්ථාව මෙය බවද පොලිසිය කියයි . ඇගේ සිරුර කොළඹ ජාතික රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

