කාන්තාවක් කපා කොටා මරලා


 

(එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)

බද්දෙගම  සන්දරවල දෙමහල් නිවසක උඩ මහලේ කපා කොටා ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව බද්දෙගම පොලීසිය කියයි.

මෙසේ සොයා ගනු ලැබුවේ බද්දෙගම සන්දරවල පදිංචි හතලිස්හත් හැවිරිදි විවාහක කාන්තාවකගේ මළ සිරුර බව ද පොලීසිය කියයි.

ඝාතනයවූ කාන්තාව විදුලි උපකරණ අලෙවි සැලක උඩු මහලේ තනිව වාසය කර ඇති බවත් ඇය ඝාතනයවූ වෙලාව නිශ්චිතව කිව නොහැකි බවත් පොලීසිය කියයි.

ඇය වාසය කළ උඩු මහලේ ඊයේ (26)රෑ විදුලි පහන් කියාත්මක කර නැති බව පරීක්ෂා කිරීමට ගිය අසල්වසීන් පිරිසකට ඇය කපා කොටා ඝාතනය කර ඇති බව දැක ගන්න ලැබීමෙන් පසු ලද තොරතුරකට අනුව ඇයගේ මළ සිරුර සොයා ගත් බව ද පොලීසිය කියයි.

මේ කාන්තාවගේ ඝාතනය පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණයවී නැති බවද පොලීසිය කියයි.