(බිඟුන් මේනක ගමගේ)
පොලිස් කොස්තාපල් සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දක්වා නිලයන්හි කාන්තා නිලධාරිනියන් සංඛ්‍යාව සමස්ත නිලධාරින් සංඛ්‍යාවෙන් 15% දක්වා ඉහළ දැමීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත.
පොලිස් සේවයේ නිලධාරින් සමඟ සංඛ්‍යාත්මකව සසඳද්දී නිලධාරිනියන්ගේ සංඛ්‍යාව ප්‍රමාණාත්මක නොවන බැවින් මෙවැනි තීරණයක් ගත් බව එම කොමිෂන් සභාව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
සමස්තයක් වශයෙන් ගත්කල ද පොලිස් සේවයේ කාන්තා නියෝජිතත්වය තිබෙන්නේ අඩු මට්ටමක බවත් කාන්තාවන්ගේ හා ළමයින්ගේ ප්‍රශ්නවලට පියවර ගැනීමේදී කාන්තා පොලිස් නියෝජනය අතිශය වැදගත් බව ද එහි සඳහන් වේ.
ඒ අනුව කාන්තා නිලධාරිනියන්ගේ සේවක සංඛ්‍යාවෙහි පවත්නා අසමතාව තවදුරටත් අඩු කිරීමටත් උසස්වීම් සඳහා අවස්ථා සහතික කිරීමටත් විශේෂ උත්සාහ ගැනීම අත්‍යවශ්‍ය බව ද පොලිස් කොමිසම සඳහන් කරයි.
විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර හා මධ්‍යම පළාත්වලට දෙමළ භාෂාව කතා කරන නිලධාරිනියන් ප්‍රමාණවත් පරිදි ලබාදීමට ඒ යටතේ අවධානය යොමුකර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කාන්තා පොලිස් පරීක්ෂක ධූර 50 කින් ද කාන්තා පොලිස් අධිකාරි ධූර 7 කින් ද වැඩි කිරීමට පොලිස් කොමිසම පසුගිය කාලයේදී පියවර ගත් බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ