ඉකුත් සතියේ පැවති මහමැතිවරණය සම්බන්ධයෙන් සිදු කළ මැතිවරණ නිරීක්ෂණ පිළබඳ විස්තර ඇතුළත් සම්පූර්ණ අවසන් වාර්තාව ඉදිරි මාස දෙකේදී ප‍්‍රකාශයට පත් කරන බව යුරෝපා සංගමය ප‍්‍රකාශ කරයි.
මහමැතිවරණයට පෙර හා මැතිවරණයේ දී සිදුවූ කටයුතු හා මැතිවරණ සිද්ධීන් පිළිබඳ නිරීක්ෂණ මෙම වාර්තාවට ඇතුලත් වන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මේ අතර මැතිවරණයට පසුව නිකුත් කළ මූලික වාර්තාවෙන් යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩලය සඳහන් කළේ ඡන්දය ප‍්‍රකාශ කිරීම හෝ අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වීම් සම්බන්ධ නෛතික බාධා නොමැති වුවද , කාන්තා සහභාගීත්වය අපේක්ෂකයින් ගෙන් 9% ක් පමණ ඉතා පහළ මට්ටමක් පවතින බව පෙන්වා දී තිබිණී.
මැතිවරණ සමයේදී මැතිවරණ කොමසාරිස්වරයාගේ ආරාධනයෙන් යුරෝපා සංගම්යේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන යුරෝපා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ක‍්‍රිස්ටියන් ප්‍රෙඩා මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු නිලධාරීන් 85 දෙනකු යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩලයක් ලංකා මැතිවරණ නිරීක්ෂණ කටයුතු වල නිරත විය.

