කාන්තා අයිතිය රකින්න ලංකාව කැපවී සිටිනවා


(අංජුල මහික වීරරත්න)

කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා ලංකාව  කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය චීනයේ දී පැවැසුවාය.

කිසිම රටක් තවමත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගෙන නැතැයි කී අග්‍රාමාත්‍යවරිය  ඒ වෙනුවෙන්  කැපවිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

 බීජිං නුවර චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ (CNCC) පැවති 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා ය. 

චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය ජනාධිපති Xi Jinping සහ ජනාධිපති ආර්යාව Peng Liyuan මහත්මිය විසින් පිළිගනු ලැබුණු අතර චීන ජනාධිපති Xi Jinping ගේ පිළිගැනීමේ කතාවෙන් පසුව,  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු රාජ්‍ය නායකයෝ  සිය අදහස් ඉදිරිපත් කළහ.