කාන්තන්කුඩි පොලිසියේ 37කට කොරෝනා


(සුජිත් හේවාජුලිගේ )

මඩකළපුව කාත්තන්කුඩි පොලීසියේ නිලධාරීන් තිදෙනකු ඇතුළු 37 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානිහු පවසති .

මේ පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් පසුව එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු 46 දෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු ගනු ලැබ සිටිති.

ආසාදිත නිලධාරීන් 37 දෙනා මහනුවර කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කරනු ලැබ සිටින බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ තත්වය යටතේ කාත්තන්කුඩි පොලීසියේ කටයුතු මඩකළපු පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් කැඳවා ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් නිලධාරීන් පිරිසට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනා ගැනුණේ පෙරේදා( 26) දිනයේදී කර ඇති ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලදීය.