කාදිනල්තුමන්ට වෙඩි නොවදින රියක්


(අංජුල මහික  වීරරත්න) 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නිකුත් කර  තිබෙන වෙඩි නොවදින මෝටර් රථ දෙකෙන් එකක් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගරුතුමන්ගේ ගමන් බිමන් වෙනුවෙන්  ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
 
පාස්කු ඉරිදා (21)  කතෝලික දේවස්ථානවලට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව කාදිනල්තුමන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම වෙඩි නොවදින රථය ලබාදීමට කටයුතු කළ බව අරලිය ගහමන්දිරයේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
රටේ ආරක්ෂක තත්ත්වය තහවුරු වන තුරු අග්‍රාමාත්‍ය කාර්යාලයේ රියදුරකු ද සමඟ වෙඩි නොවදින මෝටර් රිය කාදිනල්තුමන්ට ලබා දීමට තීරණය කර ඇතැයිද එම ප්‍රකාශකයා කීය.