එෆ්.අස්ලම්
උතුරු සංවර්ධන නැවත පදිංචිකිරීම් හා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කාදර් මස්තාන් මහතා පත්කිරීම හින්දු ජාතියට නිගා කිරීමේ ක්‍රියාවක් යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ලංකාදීපයට පැවසීය.
හින්දු සිද්ධස්ථානයකට පය තබා නැති හින්දු ධර්මය පිළිබද අල්ප මාත්‍ර දැනුමක් හෝ නොමැති අයෙකු හට හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරය පිරිනැමීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද හෙතෙම කියා සිටියේය.
මෙතුලින් රජයේ වගකීම් විරහිත බව ඉස්මතු වන බවත් රජය සිටින්නේ කොතනද යන්න රජය හෝ නොදැනීම විමතියට කරුණක් බවද සිද්ධාර්ථන් මහතා කීය.
මෙකී අමාත්‍යධූර පිරිනැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිධාර්ථන් මහතා මේ බව කියා සිටියේය.
මෙම පත්කිරීමත් සමඟ දෙමළ ජාතික සන්ධානය මෙන්ම දෙමළ දේශපාලන ධාරාව තුළත් දෙමළ ජනතාව තුළත් රජය කෙරෙහි විවේචනාත්මක සංවාදයක් පවතින බවත් හින්දු කටයුතු විෂය හින්දු භක්තික අමාත්‍යවරයෙකු වෙත පිරිනමන ලෙස ඉල්ලන බවත් මන්ත්‍රීවරයා අවසන් වශයෙන් සදහන් කළේය.