කාත්තන්කුඩි තරුණයා ළඟ ලක්ෂයක හොර සල්ලි


අමල් වික්‍රමරත්න
 
කාත්තන්කුඩි ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයකු  රුපියල් ලක්ෂයකට අධික හොර නෝට්ටු සමග අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන් සමත්වී ඇත.
 
කාත්තන්කුඩි සුබ්මසුර් පාරේ පදිංචි  24 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගන්නාවිට ඔහු  ළඟ තිබී ව්‍යාජ  රුපියල් 5000 නෝට්ටු 19 ක් සහ ව්‍යාජ රුපියල් 1000 නෝට්ටු 06 ක් සොයා ගෙන ඇත.
 
මරදාන පංචිකාවත්ත ප්‍රදේශයයේ බස් නැවතුමක සිටියදී අත්අඩංගුවට පත්ව ඇති සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.