ගම්පොළ පදිංචි විශ්වනාදන් සෑම උදෑසනකම රන් ආභරණ නිපදවන සේවා ස්ථාන වලට ගොස් එහි අහු මුලු වල ඇති වැලි සහිත කුණු හා කාණු වල එකතු වන පස් එකතු කර සෝදා ගරා රන් මතු කර ගැනීමෙන් දිනකට රුපියල් 1000 ක පමණ අදායමක් උපයන බව කියයි.
තම පියාද සිදුකළ මෙම රැකියාව ඔහු වයස අවුරුදු 12 සිට පුහුණු වී ඇත.
කුඩු මිශ්‍ර දුහුවිලි සහිත කුණු හා එහි කුණු කාණු වල එකතු වන පස් එකතු කර ගැරීමේදී රන් කුඩු ඉතිරි වන බවත් ඒවා නැවත ස්වර්ණාබරණ ආයතනයකට දී මුදල් ලබා ගන්නා බවත් ඔහු කියයි.
තම පියාගෙන් ලැබුණුමේ රැකියාව නිසා සාර්ථක ජීවිතයක් ගතකිරීමට තමාට හැකියාව ලැබීම ගැන සතුටු වන බවත් විශ්වනාදන් එසැණ සමග කීවේය.





