ගුරුන්ටත් අකුරු වරදිනවාලු. ඉන්දියාවේ හින්දු පත්තරේ පී රාමක්‍රිෂ්නන්ගේ නමින් අන්තර්ජාල මුද්‍රණයේ අද පළ වූ ඡායාරූපයකින් කියැවෙන්නේ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ මහින්ද රාජපක්ෂ සමඟ සිටින බවයි.
ඒ පින්තූරයේ සිටින්නේ ජනපති මෛත්‍රීපාල නොවේය. එහි සිටින්නේ මැදමුලනේ ආර් සිරිසේනය. ඔහු මෛත්‍රීපාල සිරිසේනට සමාන පුද්ගලයෙකි. ඔහු ගිය ජනපතිවරණයට තරඟ කළේය. සහාය දුන්නේ මහින්ද රාජපක්ෂය.
හින්දු පත්‍රයේ මේ වැරැද්ද ට්විටර් වෙබ් අඩවියෙන් නිවැරදි කිරීමට බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් පියවර ගත්තේය.
ඔහු එම පින්තූරය ද පළකරමින් කියනුයේ මෛත්‍රීපාල සිරිසේන වගේ මිනිසා අද හින්තු පත්‍රයෙන් ලෝක ප්‍රසිද්ධියක් ලැබූ බවයි.
ඇමෙරිකාවේ ඇසෝසියේටට් ප්‍රවෘත්ති සේවයේ ඡායාරූපයක් වන එම ඡායාරූපය හින්දු පත්‍රයේ පසුගිය ජනවාරි 15 වැනි දා ද දකුණු ආසියා මුද්‍රණයේ පළ කළේය.
එම ඡායාරූපය යටින් හින්දු පත්‍රය එදා සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නව නායක මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය බාර දෙන බවයි.




