(නිමන්ති රණසිංහ)
පරිගණක කී‍්‍රඩාවකින් පරාද කළැයි උරණව තම හොදම මිතුරාට පිහියෙන් ඇණ තුවාල කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පෞද්ගලික පාඨමාලා ආයතනයක සිසුවකු ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධානාගර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ උඩුමුල්ල මුල්ලේරියාව ප‍්‍රදේශයේ පදිංචි යසස් අමරසිංහ (21) නැමැති පරිගණක පාඨමාලාවක් හදාරනු ලබන සිසුවෙකි.
මෙම සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණේ නිශාන්ත ගුණවර්ධන නැමැති තුවාලකරුගේ සහෝදරයා විසිනි.
පසුගිය ජුනි මාසයේ සිට තමාත් තමාගේ හොඳම මිතුරාත් ලැප්ටොප් පරිගණකය හරහා ‘කෝල් ඔෆ් ඩියුටි’ නම් පරිගණක කී‍්‍රඩාවේ නිරත වූ බවත් එහිදී තමා ජයග‍්‍රහණය කළ බවත් තුවාලකරු සඳහන් කර ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
මෙම සිද්ධියට අදාළ සැකකරු සහ තුවාලකරු තමන්ට අයත් පරිගණකය වලින් ඔවුන්ගේ නිවෙස්වල සිට මෙම කී‍්‍රඩාවට ඇබ්බැහි වී කී‍්‍රඩා කිරීමෙන් පසුව එක් අයකු පරාජය වීම හේතුවෙන් උරණ වී ඇති වූ බහින්බස් වීමක ප‍්‍රතිඵලයක් ලෙසින් මෙම පිහි ඇණුම සිදුවී ඇතැයි ද පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
පරාජය දරා ගත නොහැකි වූ සැකකරු ඉකුත් 26 වැනි දා අදාළ පාඨමාලාව අවසන් වීමෙන් පසු මාර්ගයට පැමිණ සඟවාගෙන සිටි පිහියකින් තුවාලකරුගේ උදර ප‍්‍රදේශය කපා දමා ඇති බවත් ඒ අවස්ථාවේදී කිසිදු අයකු ඔවුන් දෙදෙනා වළක්වා ගැනීමට පැමිණ නැති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.