ක්‍රීඩාංගන 5 ක වෙන්කිරීම් අවලංගුයි


නාලක සංජීව දහනායක සහ ජයන්ත සමරකෝන්

ජනබලය-කොළඹට විරෝධතාවය පැවැත්වීම සඳහා මුදල් ගෙවා වෙන්කර ගෙන තිබූ ක‍්‍රීඩාංගන පහක් කොළඹ මහනගර සභාව විසින් අද උදෑසන හදිසියේම අවලංගු කර තිබෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (4) පැවසීය.

මෙම විරෝධතාවය පැවැත්වීම සඳහා වෙන්කරගෙන තිබූ ගාලූමුවදොර පිටිය, කිරුළපන ලලිත්ඇතුලත්මුදලි ක‍්‍රීඩාංගනය, විහාරමහාදේවි එළිමහන් රංග පීඨය, හෙන්රි පේද්‍රිස් ක‍්‍රීඩාංගනය හා ප‍්‍රයිස්පාර්ක් ක‍්‍රීඩාංගනය පහ මෙලෙස අවලංගු කර තිබෙන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත‍්‍රී අජන්ත ලියනගේ මහතා විසින් පසුගිය මාසයේදී මෙම ක‍්‍රීඩාංගන වෙන්කරගෙන තිබූ බව සඳහන් කළ ගුණවර්ධන මහතා කොළඹ මහනගර සභාවේ නගරධිපතිනිය හා නාගරික කොමසාරිස්වරියගේ මෙම ක‍්‍රියාකලපාය හෙළා දකින බවද කීය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී අප කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මුදල් ගෙවා වෙන්කළ කිසිම ක‍්‍රීඩාංගණයක් අවලංගු නොකළ බවයි.