( චන්දන ප‍්‍රනාන්දු )
එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වු ලාංකිකයෙක් එරට ක‍්‍රිඩාංගණයකදි පුහුණුවීම් වල යෙදෙමින් සිටියදි ඇති වු හදිසි අසනීප තත්වයක් මත රෝහල් ගත කිරිමෙන් පසුව මියගොස් ඇති බව එම පුද්ගලයාගේ ඥතින් පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ නයිනමඩමේ පදිංචිව සිට වසර කීපයක සිට ලන්ඩන් නුවර ජිවත් වු රොෂාන් සුරංග පෙරේරා නැමති 43 හැවිරිදි අයෙකි.
මියගොස් ඇති රොෂාන් සුරංග මහතා පාසැල් සමයේ හා ඉන්පසුව යෞවන සමාජ හා ජාතික තලයේ දක්ෂතා දැක්වු දක්ෂ ධාවකයෙක් වු අතර රැකියාව සඳාහා පළමුව ඉතාලියටත් පසුව එංගලන්තයටත් සංක‍්‍රමණය වු අයෙකි .
මෙයට සති 2 ට පෙර එංගලන්තයේ ලන්ඩන් නුවර ඔහු සිය පවුලේ සාමාජිකයන් සමග ජිවත් නිවස අසල පිහිටි ක‍්‍රිඩාංගණයක ධාවන පුහුණුවීම් වල යෙදි සිටියදි හදිසියේ ඇති වු අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර ඒ මහතාගේ අවසන් කටයුතු එරටදී සිදු කිරීමට නියමිතව ඇත.