ක්‍රීඩා ගුරා නිල නිවසේ කුඩු පැකට් කරලා


(රෝහණ සමරවීර)

සෙවනගල ප්‍රදේශයේ විදුහලක නිල නිවසක ‘අයිස් මත්ද්‍රව්‍ය‘ පැකට් කරමින් සිටි එම විදුහලේ ක්‍රීඩාගුරුවරයා ඇතුළු තිදෙනකු අත්අඩංගුවටගත් බව සෙවනගල පොලීසිය කියයි.

සැකකරු තණමල්විල ඌවකුඩාඔය සමගිපුර ප්‍රදේශයේ පදිංචි  විසි අට හැවිරිදි එක් දරු  පියෙකි.

ඔහු සමඟ සිටි  අය අතර මත් ජාවාරමුකරු සිටි බවටද  තොරතුරු ඇතැයි පොලීසිය කියයි.

මෙම ගුරුවරයා පාසලේ දරුවන්ට මේවා අලෙවිකර ඇත්දැයි යන්න පිලිබදව පරීක්ෂණ පැවැත්වෙන් බව පොලීසිය කියයි.