(තරිඳු ජයවර්ධන)
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා කේ රංජන්ද සිල්වා ඝාතනය කිරීමට ඔහු සිටිනා තැන ගැන තොරතුරු ලබා දුන්නේයැයි සැක කරන දුරකතනයක් රත්මලානේ ඇළක තිබී අද උදේ සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද(26) උදෑසන එම දුරකතන සෙවීමේ කටයුතු ආරම්භ කර තිබිණි.
රත්මලාන - ඥානේන්ද්‍ර පාරේ දී ඒ මහතා ඝාතනය වන විට 62 වැනි වියේ පසුවිය.
ඔහු පළාත් පාලන මැතිවරණයට තරඟ කර දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වී සිටියේය.