විස්සයි විස්ස ලෝක කුසලානය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාර්ලිමේන්තුවේදී පිළිගැනීම අද (09) සවස සිදු කෙරිණි.
කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් ක්‍රිඩකයන් උණුසුම් අන්දමින් පිළිගත් අතර ඔවුන් වෙනුවෙන් විශේෂ තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.
ක්‍රිඩා කණ්ඩායමකට පාර්ලිමේන්තුවේදී උපහාර දැක්වු ප්‍රථම අවස්ථාව ද මෙයයි. ක්‍රිඩකයෝ සභා ගර්භයෙහි කථානායක ගැලරියෙහි අසුන් ගෙන ඔවුන් වෙනුවෙන් මන්ත්‍රීවරුන් කළ විශේෂ ඇගයීම් සහ සුභ පැතීමේ කතාවනට සවන් දුන්හ.
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායම් නායක ලසිත් මාලිංග සමග ලෝක කුසලානය අතැතිව ඡායාරූප ගැනීමට මහත් උනන්දුවක් දැක්වුහ.

