
(සුජිත් හේවාජුලිගේ )
ඇමතිතුමා කණ්නාඩිය ඉස්සරහට ගිහින් බැලුවොත් කව්ද හොරා කියලා පෙනේවි යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.
තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සත පහක් හොරකම් කර නැතැයිද ඔහු සඳහන් කළේය.
මිනිසුන් ඇවිස්සී සිටින හෙයින් ගෙදර නොසිටින ලෙස පොලිසියෙන් පැමිණ තමාට පැවසුවේ යැයි පැවසූ ශම්මි සිල්වා මහතා තමාගේ ආරක්ෂාවට අද ගැටළුවක් ඇතැයිද ප්‍රකාශ කළේය.
තමාට අමුතුවෙන් හරිහම්බ කරගන්න දෙයක් නැතැයිද තමා මුදල් තිබුණු පවුලක අයකු යැයිද ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කළේ ක්‍රිකට් ආයතනයට දිගින් දිගටම කැරුණු දේශපාලන බලපෑම් සැලකිල්ලට ගෙන බව ශම්මි සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

