ක්‍රිකට් ගැන රන්ජන්ගේ යෝජනාවට අගමැති අවධානය




 
අංජුල මහීක වීරරත්න
 
ක්‍රිකට් ක්‍රීඩාවේ ගොඩ ගැනීමට නම් කුමාර් සංගක්කාර, සිදත් වෙත්තමුණි වැනි ප්‍රවීණයන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ලොකු පුටු වලට පත් කළ යුතු යැයි සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එක්සක් ජාතික කෘත්‍යාධිකාරි මණ්ඩලයට අද (31) යෝජනා කළේය.


අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි. 


රංජන් රාමනායක මහතා ඉදිරිපත් කළ යෝජනාව ඉතා හොඳ බවත් ඒ සඳහා ඉදිරියේ දී නව මුලික අවධානය යොමු කරන බවත් අග්‍රමාත්‍යවරයා පවසා තිබේ.