ක්‍රිකට් ආයතනයේ වාර්තාව ඇමැති අතට


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා හා දූෂණ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ක්‍රීඩා අමාත්‍යාංශයේදී එම කමිටුවේ සභාපති නිතීඥ රවී අල්ගම මහතා හිටපු සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය වත්මන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාට බාරදුන්නේය.

වාර්තාව ලබා දීමෙන් පසු නවීන් දිසානායක අමාත්‍යවරයා එය නව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත භාරදුන්නේය.

එම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන නීතිඥ ජාලිය බෝධිනාගොඩ, නීතීඥ වරුණ මල්ලවආරච්චි යන මහත්වරුද මේ සඳහා එක්ව සිටියහ.

12038412_102079daya201593055604074340_1838177757447527744_n daya-2015930 daya201593089879076894_n