(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක මුදලක් විදේශ බැංකු ගිණුම් තුනක ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව තැන්පත් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් නෙරපා හැරීමේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

