ක්‍රම සම්පාදන සේවා විභාගය යළි ඉල්ලති



ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ තුන් වැනි පංතියට බදවාගැනීමේ සීමිත තරග විභාගය (2017/2018) ගැසට් නිවේදනයට පටහැනිව දෝෂ සහිතව පවත්වා ඇති බැවින් එම  විභාගය යළි පවත්වන ලෙස විභාග අපේකෂයෝ  ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන්  විභාග කොමසාරිස් ජනරාල්වරයාට  ලිපියක් යොමුකරමින් ඔවුහු මෙලෙස ඉල්ලා සිටිති. 

විභාගය සඳහා නියමිත විෂය නිර්දේශයක් පැවතියද එකම මාතෘකාවක් පමණක් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍රය සකසා තිබීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බව ඔවුහු සඳහන් කරති. 

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරකට යාමට අපේක්ෂාවෙන් සිටි විභාග අපේක්ෂකයින්ට මෙමගින් දැඩි අසාධාරණයක් වී ඇති බවත් තම අයිතීන් උල්ලංඝනය වී ඇති බවත් ඔවුහු කියති.

044