ක්ෂණිකා යයි


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම ඇතුළු කොමිසමේ සාමාජිකයෝ 7 දෙනා පසුගිය සඳුදා (9) උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දී ඇතැයි කියති.

කොමිසමේ උප සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න හා සාමාජිකයින් වන අභය ගුණරත්න, සුබ්‍රමනියම් මොහාන්දාස්ථ මල්කාන්ති චන්ද්‍රසේකර, නලින් ද සිල්වා, සුදන්ත ලියනගේ යන මහාචාර්යවරු ඉල්ලා අස්වී ඇත.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සාමාජිකයන් මේවනතුරු පත් කැර නැති බවද වාර්තාවේ.