ක්වායි ගඟේ පාලම යළි කිතුල්ගලට


‘ක්වායි ගගේ පාලම’බි‍්‍රජ් ඔන් රිවර් ක්වායි’ සිනමා කෘතියේ එන ඓතිහාසික ලී පාලම නැවත වරක් කැළණි ගඟ හරහා ඉදි කිරීමට විදුලි බල මණ්ඩලය සැරසේ.

දෙවන ලෝක යුධ සමයේ බුරුමය අත්පත් කරගෙන සිටි (අද මියන්මාරය) ජපාන හමුදා අත්අඩංගුවේ වූ බි‍්‍රතාන්‍යය ජාතික යුද සිරකරුවන් පිරිසක් වටා මෙම චිත‍්‍රපටය ගෙතී ඇත.

චිත‍්‍රපටයේ රූගත කිරීම් කටයුතු බොහෝමයක් සිදුවූයේ බුරුමයේ නොව ශී‍්‍ර ලංකාවේ බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි.මෙම රූගත කිරීමේ කටයුතු සිදුවූයේ 1956 - 1957 අතර කාලයේදීය.

එසේ රූගත කළ දර්ශනයන් අතරට චිත‍්‍රපටය අවසානයේ වන ලී පාලමක් මතින් ජපන් සොල්දාදුවන් පටවාගත් දුම්රියක් යන විටදී පාලම පුපුරුවා හැර දුම්රිය පහළින් ගලා යන ගංගාවට ඇද දමන ඓතිහාසික ජවනිකාවද ඇතුළත්ය.

මෙම ජවනිකාව දෙවරක් රූගත කිරීමට චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ ඬේවිඩ් ලීන්ට සිදුවූ බව සඳහන්ය.පළමුවර කැමරාකරුට දර්ශනය පටිගත වන බව අධ්‍යක්ෂකවරයාට දැන්වීමට නොහැකිවීම නිසා නිකරුණේ පාලම විනාශ කෙරී ඇත.ඉන්පසු නැවත වරක් පාලම ඉදිකර රූගත කර තිබේ.

කැළණි ගග හරහා මෙම පාලම ඉදිකෙරුණේ කිතුල්ගල ප‍්‍රදේශයේදීය.අද දවසේ එහි ඉතිරිව කොන්කී‍්‍රට් කණු කිහිපයක් පමණකි.

අද දිනයේ කිතුල්ගල ප‍්‍රදේශය ජල ඔරු කී‍්‍රඩාවේ (වෝටර් රාෆ්ටින්ග්) යෙදීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් අතර ප‍්‍රකටය.ඔවුන් නිසා රජය පසුගිය වසරේ උපයාගෙන ඇති ආදායම ඩොලර් ලක්ෂ 200(රුපියල් කෝටි 262.24) ක් පමණවේ.

නමුත් විදුලි බල මණ්ඩලයේ ජල විදුලි ව්‍යාපෘතියක් නිසාවෙන් ඉදිරියේදී මෙසේ ජල ඔරු ක්‍රිඩාවේ යෙදීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි පැවසේ.

විදුලි බල මණ්ඩලය පාලම යළි ඉදිකිරීමට සැරසෙන්නේ ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් ජල ඔරු කී‍්‍රඩාවේ යෙදීමට නොහැකිවීම නිසා කිතුල්ගල ප‍්‍රදේශයට අහිමිව යන සංචාරක ආකර්ෂණය යළිත් එම ප‍්‍රදේශයට දිනා දීමේ අරමුණ ඇතිවය.

‘‘පාලම තිබුණු තැනම ගොඩනගන්න අපට පුළුවන්‘‘ යැයි පවසන්නේ ව්‍යාපෘතිය සම්බන්ධ ප‍්‍රධාන ඉංජිනේරු කමල් ලක්සිරිය.

‘‘අද දිනයේ එතැන පාලමක් නැහැ.කොන්කී‍්‍රට් කණු ටිකක් විතරයි තියෙන්නේ.නමුත් පාලම තිබුණේ කොහොමද කියලා අපි රූසටහන් වගේම ඡායාරූප ආධාරකරගෙන සොයාගෙනයි තිබෙන්නේ.ඒවායේ තියෙන විදිහටම පාලම ඉදිකරන්න අපට පුළුවන්‘‘ යැයි ඔහු වැඩිදුරටත් කියන්නේය.විදුලිබල මණ්ඩලයේ ජල විදුලි ව්‍යාපෘතියට අනුව කිතුල්ගලට කිලෝමිටර ගණනක් ගඟ ඉහළින් වේල්ලක් ඉදිකෙරෙනු ඇති අතර එම වේල්ල නිසාවෙන් ජල ඔරු කී‍්‍රඩාවේ යෙදීමට ඔබින්නේයැයි හදුනාගෙන ඇති දියවැල් 17 ක් විනාශව යනු ඇතැයි සඳහන්ය.

ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට ශී‍්‍ර ලංකා ජල ඔරු පදින්නන්ගේ සංගමය දැනටමත් කටයුතු කර තිබෙන අතර ඔවුන් පෙන්වා දෙන්නේ මෙයින් පහර වදින්නේ තමන්ට පමණක් නොව ප‍්‍රදේශයේ ජල ඔරු ක්‍රීඩා කිරීම සදහා පැමිණෙන සංචාරකියන්ට සේවා සැපයීමෙන් දිවි සරි කරගන්නා ජනතාවටත් බවය.

‘‘මෙතන ජල ඔරු කී‍්‍රඩාවේ යෙදීමට පහසුකම් නැත්තන් සංචාරකයෝ එන්නේ නැහැ.‘‘ යැයි එම සංගමයේ ලේකම් පි‍්‍රයන්ත පුෂ්පකුමාර පවසන්නේය

‘‘සංචාරකයින්ගෙන් පාලම බලන්නය කියලා මුදල් අයකරගත්තත් ඒකෙන් ලොකු ආදායමක් බලාපොරොත්තු වෙන්න බැහැනේ.ඒ වගේ දෙයක් නොවේ අපට  ඕනේ.පාලම හදන එක කිසිම වැඩකට නැති දෙයක්‘‘ ඒ ඔහුගේ අදහසයි.

එසේනමුත් ඩොලර් ලක්ෂ 820 (රුපියල්  කෝටි 1079.284 ) ක වියදමක් දරා පිහිටුවෙන ජල විදුලි ව්‍යාපෘතිය අත්හැරදැමීමට විදුලි බල මණ්ඩලය සූදානම් නැත.දැනටමත් වේල්ලේ සිට ජලය ගෙන යනු ඇති උමං මාර්ගයන් ලහිලහියේ ඉදිවෙමින් පවතී.

පාලමක් ඉදිකළා යැයි කියා පෙර තිබූ සංචාරක ආකර්ෂණය කිතුල්ගලට දිනාගත හැකිවනු ඇතැයි ප‍්‍රදේශවාසීහුද නොසිතන්නෝය.

තත්ත්වයට පිළියමක් ලෙස උදය කාලයේ පමණක් හෝ වේල්ලේ වාන් දොරටු ඇර ගඟ පහළට ජලය ගලා යෑමට සළස්වන බවට විදුලි බල මණඩලය ප‍්‍රකාශ කර ඇතත් එයින් කිතුල්ගල පෙර තිබූ දියවැල් නිර්මානය කළ නොහැකි බව විශේෂඥයින්ගේ මතයයි.

අනෙක් අතට රාතී‍්‍ර කාලයේ වාන් දොරටු සම්පූර්ණයෙන්ම වසා දැමිමට සිදුවන බව විදුලි බල මණ්ඩලයම පිළිගෙන තිබේ.මෙනිසා ජල ඔරු ක්‍රිඩාව සිදුවන ගඟ ප‍්‍රදේශය රැයේදී සම්පූර්ණයෙන්ම වියැළෙනු ඇත.

සංචාරකයන් මේ සම්බන්ධයෙන් දරන්නේ හොඳ නරක  යන දෙකම මුසු අදහස්ය.ඇතැමෙක් ක්වායි ගගේ පාලම නැවත ඉදිකිරීම දැක බලා ගැනීමට ඉතා කැමැත්තෙන් පසුවෙති.තවත් අය කිතුල්ගල ජල ඔරු ක්‍රීඩාවේ පෙර පරිදි නිරත වීමට නොහැකි වනු ඇතැයි දුක්වෙති.උදෑසනට පමණක් ජලය ඇති රැය වන විට ජලය නැති තැනක ජල ඔරු ක්‍රීඩාවේ යෙදී ඵලක් නැතැයි ඔවුහු කියති.

590403-01-02 590406-01-02 590407-01-02.jpg;;llkk 590409-01-02.jpglllk 590417-01-02.jpglkkkk 1409315410252_wps_4_To_go_with_AFP_story_Sri_ 1409315469054_wps_10_To_go_with_AFP_story_Sri_ 1409315486954_wps_16_To_go_with_AFP_story_Sri_ 1409340511824_wps_21_ARRF4E_BRIDGE_ON_THE_RIVE 1409340515686_wps_24_BKACAP_THE_BRIDGE_ON_THE_ 1409394036365_wps_5_To_go_with_AFP_story_Sri_

(ඡායාරූප - ඒඑෆ් පී ප්‍රංශ පුවත් සේවය)